කොවිඩ් පාලනයට එරෙහිව යුරෝපය පුරා ප්‍රචණ්ඩ විරෝධතා

Monday, 22 November 2021 - 11:18

නව කොවිඩ් පාලන සීමාවලට එරෙහිව යුරෝපය පුරා ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලක් පැතිර යාමේ අවදානමක් මතුව තිබේ. කෙසේ වෙතත් හදිසි පියවර නොගතහොත් ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ අමතර කොවිඩ් මරණ ලක්ෂ 5ක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අඟවයි. නැවත කොවිඩ් වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති යුරෝපයේ වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කණස්සල්ල පළකර තිබේ.එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හාන්ස් ක්ලූජ් යළි අනතුරු අඟවන්නේ හදිසි පියවර නොගතහොත් ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ අමතර කොවිඩ් මරණ ලක්ෂ 5ක් සිදුවිය හැකි බවටය. කඩිනමින් මුඛ ආවරණ භාවිතය ඉහළ නැංවීම කඩිනම් විසඳුමක් බව  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කොවිඩ් පාලන සීමාවලට එරෙහිව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකය. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කළ වෙඩි තැබීමේදී පොලිසිය ජීව උණ්ඩ භාවිතා කර ඇති අතර එහිදී හත් දෙනෙකු තුවාල ලැබීය. කොවිඩ් වසංගතය උත්සන්න වෙමින් පවතින නෙදර්ලන්තයේ දෛනික ආසාදිතයන් 20,000කට ආසන්නය. වෛරස ව්‍යාප්තිය පාලනයට බලධාරීන් පියවර ගෙන ඇත්තේ එන්නත් ලබා නොගත් ජනතාවට සීමා පනවමිනි. කෙසේ වෙතත් මේ ක්‍රියාමාර්ගවලින් ජනතාව කුපිත වී ඇති අතර කොවිඩ් අවදානම ද නොතකා ඔවුන් විරෝධතාවල නිරත වේ. බොහෝ විරෝධතාකරුවන් ප්‍රකෝපකාරී ලෙස හැසිරී නිලධාරීන්ට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස කටයුතු කර ඇත. බලධාරීන් පවසන්නේ ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන්ට තමන්ගේ ආරක්ෂාව සළසා ගැනීමට අවි භාවිතා කිරීමට හැඟෙන සිතුවිල්ල පාලනය කළ නොහැකි මට්ටමට විරෝධතා දරුණු වී ඇති බවය. කොවිඩ් මර්දන එන්නත ලබා තිබීම අනිවාර්යය කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේද විරෝධතා ආරම්භ වී තිබේ. වයස අවුරුදු 16 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානු ජනගහනයෙන්  85%කට ආසන්න පිරිසක් සිය කැමැත්තෙන් එන්නත්කරණයට යොමු වී තිබුණි. කෙසේ වෙතත් ප්‍රාන්ත සහ ප්‍රදේශ රැසක ඇතැම් වෘත්තීන්ට අදාළ වන ආකාරයෙන් එන්නත්කරණය අනිවාර්ය කර තිබේ. එන්නත් ලබා නොගත් අයට එළිමහනේ ආහාර  ගැනීම, ප්‍රසංග වැනි ක්‍රියාකාරකම් ද තහනම් කර ඇත. ඊට විරෝධය පළකරමින්  සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවති විරෝධතාවලට දහස් ගණනක් එක්ව සිටියේය. ඔස්ට්‍රේලියාවේ එන්නත්වලට එරෙහි විරෝධතා සති ගණනක් තිස්සේ පැවැත්වේ. කෙසේ වෙතත් ඊට විරුද්ධ සීමිත පිරිසක් බව සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

13


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

හෙලිකොප්ටර් අනතුරකිà...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවà...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?